Friday, October 18, 2024

General line - 0115112241

‘මේ මාගේ හොඳම ඉනිමයි‘ - අප්‍රිකානුවෝ හැඬවූ ඉනිම ගැන ගප්ටිල් කියයි




සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ අටක් දැවී ලකුණු 279 ක් රැස් කළා. 

නායක ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී ලකුණු 72යි. පෆ් ඩූ ප්ලෙසිස් දකුණු අප‍්‍රිකානු ඉණිම වෙනුවෙන් ලකුණු  67ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45 කදී කඩුලූ 03 ක් පමණක් දැවී ලකුණු 280 ක් ලබා ගනිමින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුණා.  

ආරම්භයේ සිටම ප‍්‍රහාරාත්මක පිති හරඹයක නිරත වූ මාටින් ගප්ටිල් පන්දු 138ක දී නොදැවී ලකුණු 180ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 15ක් ද සමගයි. 

මෙය තමාගේ හොඳම ඉනිම බව තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ මාටීන් ගප්ටිල් කියා සිටියා.

මෙම ජයග‍්‍රහණයත් සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය දෙකට දෙකක් ලෙස යළිත් සම තත්වයට පත් කිරීමටද නවසීලන්ත ක‍්‍රීඩකයින් සමත් වුණා. 

ඒ අනුව අනිද්දා  ඕක්ලන්ඩිහි දී පැවැත්වෙන පස්වැනි තරගය දෙපිලටම ඉතා තීරණාත්මක වනු ඇති.