Sunday, September 8, 2024

General line - 0115112241

චන්දිමාල් යළි ලකුණු අතරට




බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (03) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.
 
දිනය නිමාවන විට සිය පළමු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 403ක් රැස් කර සිටියා. 

ශ‍්‍රි ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 190ක්. 

ඔහුගේ ඉණිමට  හතරේ පහර 21ක් සහ හයේ පහර 07ක් ඇතුළත් වුණා.

බංග්ලාදේශය සිය පළමු ඉණිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 391ක් පමණයි. තරගය පැවැත්වුණේ මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදියී.