Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් ගැටළුව විසඳන්න වෛද්‍ය සංගමය ආණ්ඩුවට දින නියම කරයි




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනට මේ වන විට දේශපාලන පක්ෂ 12ක් සහ වෘත්තීය සමිති 42ක් එක්ව සිටින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා පැවසුවේ පවතින ගැටලූව විසමඳීම සඳහා ආණ්ඩුවට දින ලබා දීමට ඉදිරියේදි කටයුතු කරන බවයි. 

මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සංවිධාන කෙරුණු රැළියක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී  අද පස්වරුවේ පැවැත්වුණා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ මෙම රැළියට දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් රැසක් එක්ව සිටියා.