Friday, September 20, 2024

General line - 0115112241

පාසල් සිසුන් දෙපිරිසක් අතර ගැටුමකට සම්බන්ධ පනස්දෙනෙකු අත්අඩංගුවට




පාදුක්ක ප‍්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සහ පානදුර ප‍්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් අතර ඇති වු ගැටුමකට සම්බන්ධ පනස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පානදුර ප‍්‍රදේශයේ පාසලේ සිසුන් සහ ආදි සිසුන් කණ්ඩායමක් ඩිෆෙන්ඩර් රථයකින් සහ ලොරි රථයකින් පාදුක්ක ප‍්‍රදේශයට පැමිණ පාදුක්ක ප‍්‍රදේශයේ පාසලේ සිසුන් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. 

ඒ පිළිබඳ පාදුක්ක ප‍්‍රදේශයේ පාසලේ විදුහල්පතිවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. 

එලෙස අත්අඩංගුවට ගැණුනු පිරිස අතර පානදුර ප‍්‍රදේශයේ පාසලේ ළමුන් තිස් දෙනෙකු සහ එම පාසලේ ආදි සිසුන් විසි දෙනෙකු වන බවයි  පොලිසිය පැවසුවේ. 

පාදුක්ක ප‍්‍රදේශයේ පාසලේ සිසුන් ක‍්‍රීඩා පුහුණුවීම්වල නිරත වී සිටින අතරතුර පානදුර පාසලේ සිසුන් බලහත්කාරයෙන් පාදුක්ක ප‍්‍රදේශයේ පාසලට ඇතුළු වීම ගැටුමට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.