Friday, September 20, 2024

General line - 0115112241

සිය දිවි නසා ගැනීම් වැළැක්වීමට ෆේස්බුක් පෙරට




සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන ගිණුම් හිමි පුද්ගලයන් හඳුනා ගැනීමේ තාක්ෂණ පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා. 

මෙම තාක්ෂණ පද්ධතිය ක‍්‍රියාත්මක කිරීමේදී මානුෂිය විමර්ශන කණ්ඩායමක් යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

විශේෂ ගණිතමය පද්ධතියක් මේ සඳහා යොදා ගන්නා අතර මෙම ක‍්‍රමය ප‍්‍රථම වරට අමෙරිකාවේ දී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. 

ෆේස් බුක් ගිණුම් හිමියන් සිය ගිණුම්වල තබන සටහන් පරික්ෂා කිරීමෙන් හඳුනා ගැනීම මෙම ක‍්‍රමය යටතේ සිදුවනවා.