Friday, September 20, 2024

General line - 0115112241

නින්දෙන් ඇහැරෙන්න - හෙළ උරුමය ආණ්ඩුවට කියයි





පොදු ජනතාවගේ හඩට ඇහුම්කන්දී සයිටම් ගැටලූව විසදීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. 

එහි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ ජනමතයට  ඇහුම්කන් නොදෙන්නේනම් ආණ්ඩුවට අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට අනාගයේදී සිදුවනු ඇති බවයි. 

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සංවිධාන කළ සයිටම් විරෝධී රැළියකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පිඨයේ පැවති මෙම රැළියට  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද එක්වුණා. 

රැළිය ඇමතූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන තුරු සිය සටන අත් නොහරින බවයි.