Friday, September 20, 2024

General line - 0115112241

කෝටි 05ක හෙරොයින් සමග පාකිස්ථානුවෙකු කටුනායකදි අත්අඩංගුවට




රුපියල් කෝටි 05කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පහයි ග්‍රෑම් 500ක් සමග පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. 

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින්. 

සැකකරු සිය ගමන් මල්ලේ සගවා මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ විසිපස් හැවිරිද් පාක්ස්ථාන ජාතිකයෙක්. 

අද අළුයම 1.45ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු දිවයිනට පැමිණ තිඛෙනවා. 
සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කලේ.