Friday, September 20, 2024

General line - 0115112241

නව මානව හිමිකම් වාර්තාව ගැන දෙමළ සන්ධානය සතුටින්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පිළිබද ප්‍රසාදය පළ කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා. 

ශ්‍රි ලංකා යුක්තිය හා ප්‍රතිසංධානය වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග මන්දගාමී බවයි එම වාර්තාව මගින් ප්‍රකාශ කෙරුණේ. 

මේ හේතුවෙන් තිරසාර සාමය ළගා කර ගැනීම ප්‍රමාද විය හැකි බවද එහි සදහන්. 

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රමාදයන්, නැවත පදිංචි කිරීම්, අත්අඩංගුවේ සිටින දෙමළ සිරකරුවන් නිදහස් කිරීම වැනි කරුණු වාර්තාවේ ඇතුලත්.