Friday, September 20, 2024

General line - 0115112241

මහරගම රෙදි පිළි අළෙවිසලක ගින්නක්




මහරගම ප‍්‍රදේශයේ රෙදිපිළි අළෙවි සැලක අද පස්වරුවේ ඇති වූ ගින්න  මේ වනවිට නිවාදමා තිබෙනවා. මෙම රෙදිපිළි අළෙවි සැල මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන්නක්. පොලීසිය පැවසුවේ පස්වරු 3.15 ට පමණ මෙම ගින්න ආරම්භ වි ඇති බවයි. ප‍්‍රබල උත්සාහයකින් පසු ගින්න නිවා දමා ඇත්තේ පස්වරු 5.30 ට පමණයි. 

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් රථ 3 ක් ගින්න ඇති වූ ස්ථානයට යොමුකර තිබුණා. දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවෙන්ද ජල බවුසරයක් එවා තිබුණු බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සිදුවූ අලාභය තවමත් ගණනය කර නැහැ. ගින්නට හේතුවද තහවුරු කළ නොහැකි බවයි පොලීසිය පැවසුවේ. ඒ පිළිබද විමර්ශන ආරම්භ කර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.