Friday, September 20, 2024

General line - 0115112241

NGO කියන විදියට රණවිරුවන් දඩයම් කරන්න මම සූදානම් නැහැ




ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි ති‍්‍රවිධ හමුදාවන්ට චෝදනා පත‍්‍ර ගොණු කිරීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ පලාලි ගුවන් හමුදා කදවුරේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අනතුරුව ති‍්‍රවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් අමතමින්. 

ති‍්‍රවිධ හමුදාවන්ට එරෙහිව විදේශීය විනිසුරුවන් ගෙන්වා නඩු ඇසීමට ඉදිරිපත් වූ යෝජනාද තමන් ප‍්‍රතික්‍ෂේප කළ බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. 

ජනාධිපතිවරයා අද පෙරවරුවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේද නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණා. ජනාධිපතිවරයාගේ පැමිණීම සංකේතවත් කරමින් එහි පැළයක්ද රෝපණය කළ බවයි එම අවස්ථාව ආවරණ කළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.