Friday, September 20, 2024

General line - 0115112241

තම වැසියන් නිදහස් කරන්නැයි රුසියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි...




ශ‍්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින රුසියානු ජාතිකයින් වහාම නිදහස් කරන්නැයි ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ රුසියානු තානාපති කාර්යාලය ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් ගිණුම උපුටා දක්වමින් රුසියාවේ ස්පුට්නික් ඉන්ටර්නැෂනල් ප‍්‍රවෘත්ති සේවය කියා සිටියේ ඉකුත්දා පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් අදාළ ඉල්ලීමට පාදක වී ඇති බවයි. 

රුසියානු ජාතිකයින් 09 දෙනෙකු ශ‍්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින බව ඉකුත්දා පල වූ මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටි අය බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර ද පවත්වාගෙන ගොස් ඇතැයි සඳහන් වනවා.