Friday, September 20, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන නව ක‍්‍රමයක් හසුවෙයි.... (PHOTOS)




රටකින් රටකට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන තවත් නව ක‍්‍රමයක් හදුනා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබෙනවා. ඒ, හෙරොයින් කිලෝග‍්‍රෑම් 5 යි ග‍්‍රෑම් 500 ක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අද (04) අලූයම අත්අඩංගුවට ගත් පකිස්තාන ජාතිකයාගෙන්. ඔහු එම හෙරොයින් තොගය ගෙනවිත් ඇත්තේ රබර් මිශ‍්‍රිත කාපට්වල සගවායි.

පළමුව හෙරොයින් දියකර රබර් ස්ථර දෙකක් මැදට ඒවා වත්කර තිබෙනවා. අනතුරුව රබර් ස්ථර දෙක සහ හෙරොයින් ස්ථරය එකිනෙක හාවීමට දී කාපට් නිෂ්පාදනය කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. ගමනාන්තයට රැගෙනආ පසු කාපට් කැබලි කර අළෙවි කරන බවද ඒවා පුළුස්සා හෙරොයින් පරිභෝජනයට ගන්නා බවද වැඩිදුරටත් හෙළිව තිබෙනවා. මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර හසුවූ පළමු අවස්ථාවද මෙය වන බවයි පොලිස් ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි පැවසුවේ.

අත්අඩංගුවට ගත් පකිස්තාන ජාතිකයා ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින්. කරච්චිය, මදුරාසිය සහ මුම්බායි වැනි ඉන්දීය සහ පකිස්තාන ගුවන් තොටුපොලවල් මගහරිමින් ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා.  දින 7 ක රදවා තබාගැනීමේ නියෝග මත ඔහුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන බවයි පොලිස් ප‍්‍රකාශකවරයා කියාසිටියේ.