Friday, September 20, 2024

General line - 0115112241

රණවිරුවන් කිසිවිටෙකත් අතහරින්නේ නැහැ - හමුදාව කියයි




රණවිරුවන් කිසිවෙකුත් කිසිවිටෙකත් අතහැර නොදමන බවට යුද හමුදාව අද සහතිකයක් ලබාදුන්නා. වසර 12 ක සේවා කාලයක් සම්පූර්ණ නොකර විශ‍්‍රාම ගිය ආබාධිත රණවිරුවන්ට සේවා විශ‍්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කිරිමද ඊට උදාහරණයක් බවයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ.


වසර 12 ක සේවා කාලයක් සම්පූර්ණ නොකර විශ‍්‍රාම ගිය ආබාධිත රණවිරුවන්ට සේවා විශ‍්‍රාම වැටුපක් ලබාදුන්නද එහි විෂමතා පවතින බවටද චෝදනාවක් පවතිනවා. බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඊටද පිළිතුරු ලබාදුන්නා.

රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සුබසාධනය සදහා ඉදිරියේදී තවත් කි‍්‍රයාමාර්ග ගනු ඇතැයිද මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.