Friday, September 20, 2024

General line - 0115112241

රිටිගල රක්ෂිතය වැනසූ අයෙකු අත්අඩංගුවට




කැකිරාව රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයේ දඩයමේ ගිය පුද්ගලයෙකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


සැකකරු විසින් දඩයම් කරන ලද මුවෙකුගේ මස සහ ශරීර කොටස් ද තලගොයින් දෙදෙනෙකු මෙන්ම මීපැණි තොගයක් ද සිය භාරයට ගනු ලැබූ බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂිතය තුළදීමයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු වැටලීම සිදුවන අවස්ථාවේ පලාගොස් තිබෙනවා.

1941 නොවැම්බර් හත් වනදා ගැසට් පත‍්‍රයක් මඟින් දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති රිටිගල හෙක්ටයාර් 1528ක වපසරියකින් යුක්තයි.