Friday, September 20, 2024

General line - 0115112241

පාතාලය හිස ඔසවන්නේ 'දැන්' පස්  සහ කළුගල් අස්සෙන් 




පස් කැපීම සහ කළුගල් ව්‍යාපාරය ආශ‍්‍රිතව පාතාල ක‍්‍රියාකාරකම් වර්ධනය වී ඇතැයි පොලිසිිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (6) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වෙමින් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා. 

කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක පාතාල කල්ලි ප‍්‍රමාණය අඩු වී ඇති බවද  මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.