පිත්තල ආලේපිත වානේ මිශ්ර ලෝහවලින් සැදුම් ලත් රුපියල සහ රුපියල් පහේ කාසි වෙනුවට නව කාසි ද්විත්වයක් සංසරණයට නිකුත් කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව මළ නොබැඳෙන රිදී පැහැති මිශ්ර ලෝහයකින් රුපියල සහ රුපියල් පහේ කාසිය නිකුත් කෙරෙනු ඇති.
කෙසේ වෙතත් 2005 වසරේ සිට නිකුත් කරනු ලැබූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල පැවති ප්රමාණ සහ මෝස්තර ඇතුළු අනෙකුත් සියලුම ලක්ෂණ නව කාසිවල එලෙසම පවතින බවයි මහ බැංකුව සඳහන් කළේ.