Thursday, December 26, 2024

General line - 0115112241

සීනි මිලේ වෙනසටත් හේතුව ඉන්දියාව! 




සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට හේතුව ඉන්දියාවේ සිදු වූ වෙනස්කමක් බව අත්‍යවශ්‍ය ද්‍රවය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ ඉන්දියාව අපනයනය සඳහා 25%ක බද්දක් පනවා ඇති නිසා එයද මේ සඳහා බලපෑ බවයි.

සුදු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල කිලෝ ග‍්‍රෑම් එකකට රුපියල් 93ක්. 

මෙම උපරිම සිල්ලර මිල ඉවත් කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා. 

කිලෝ ග‍්‍රෑම් එකකට රුපියල් 410ක් ලෙස සම සහිත කුකුලූ මස් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සහ කිලෝ ග‍්‍රෑම් එකකට රුපියල් 490ක් ලෙස සම රහිත කුකුලූ මස් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ද එලෙස ඉවත් කරන බවයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ. 

කෙසේ වෙතත් ආණ්ඩුව ගනු ලැබූ මෙම ක‍්‍රියා මාර්ගය නිවැරදි නොවන බව පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසනවා. 

ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි නව පාලන මිලක් කඩිනමින් හඳුන්වා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කරන බවයි ඔවුන් කියා සිටියේ.