Friday, April 26, 2024

General line - 0115112241

ප‍්‍රතිශක්තිකරණ  එන්නත් ලබා නොගත් දරුවන්ට ඕස්ටේ‍්‍රලියාවේ පෙර පාසැල් නෑ 




අත්‍යවශ්‍ය ප‍්‍රතිශක්තිකරණ  එන්නත් ලබා නොගත් දරුවන් රජයේ ළමා සුබ සාධන මධ්‍යස්ථානවලට සහ පෙර පාසල්වලට ඇතුළත් කර නොගැනීමට ඕස්ටේ‍්‍රලියානු රජය සැළසුම් සකස් කරමින් සිටිනවා. 

එරට ඇතැම් ප‍්‍රාන්තවල මෙම නිතිය දැනටමත් ක‍්‍රියාත්මක වන බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

එය මුළු රටටම බලපාන පරිදී පැනවීම ඕස්ටේ‍්‍රලියාවේ මිලඟ  අපේක්ෂාව වී තිබෙනවා. 

ප‍්‍රතිශක්තිකරණ  එන්නත ලබා දීමට මව්පියන් උනන්දු කර වීම මෙහි අරමුණයි.

ඕස්ටේ‍්‍රලියාවේ මව්පියන්ගෙන් සියයට පහක් දරුවන්ට අත්‍යවශ්‍ය ප‍්‍රතිජීවක එන්නත් ලබා නොදෙන බව මෑතදි කෙරුණු අධ්‍යයනයකදී හෙළි වුුණා.