Thursday, December 26, 2024

General line - 0115112241

සමයං ඝාතන සිද්ධියේ විමර්ශනවලදී පොලිසියේ 05 ක් මාරු




පතාල ක්‍රියාකාරිකයෙකු වූ සමයං ඇතුළු 07 දෙනෙකු බන්ධනාගාර බස් රථයක් තුළ දී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

අදාළ නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර බස් රථයට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධ කරුණකටයි.

ඒ අනුව කළුතර උතුර පොලිසියේ නිලධාරීන් 05 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙරද කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාට මෙම චෝදනාව සම්බන්ධයෙන් ස්ථාන මාරුවීමක් ලබා දී තිබුණා..