Wednesday, February 5, 2025

General line - 0115112241

බස් ටිකට් නැතිව ගියොත් අද සිට අලුත් දඩයක්




බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ සදහා ප‍්‍රවේශපත් නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. 

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න පැවසුවේ ප‍්‍රවේශපත‍්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට සහ ප‍්‍රවේශපත් ලබා නොගන්නා මගීන්ට දඩ නියම කරන බවයි.

බස්නාහිර පළාත තුළ ගුණාත්මක මගී සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය කි‍්‍රයාත්මක කරන බවද ඔහු පැවසුවා.

එහෙත් සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය කියාසිටියේ බස් කර්මාන්තය නගාසිටුවීමට මීට වඩා ගතයුතු පියවර ගතයුතු බවයි.

කෙසේවෙතත් ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදය අගය කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළේ.