Tuesday, December 24, 2024

General line - 0115112241

හමුදා සෙබළෙකුගේ අභිරහස් මරණයක් ගැන පොලිස් පරීක්‍ෂණ




කහටගස්දිගිලිය, තල්අත්තෑව වැව් ඉස්මත්තේ ගෙල වැලලාගෙන සිටි බව කියන යුද හමුදා සෙබළාගේ මරණය පිළිබද පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. 

සිය නිවාඩුව අවසන් වී තමන් සේවය කරන යුද හමුදා කදවුර බලා යාමට පසුගිය 09 වනදා ඔහු නිවසින් පිටත්ව ගොස් ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

ගෙළ වැලලාගෙන සිටි හමුදා සෙබළාගේ සිරුර දැක ඇත්තේ දර කැඞීමට වැව ඉස්මත්තට ගිය තල්අත්තෑව ගමේ කාන්තාවන් පිරිසක්. 

ඒ අනුව ඔවුන් කහටගස්දිගිලිය පොලීසියට මේ පිළිබද දන්වා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කිලිනොච්චිය, අයියකච්චි යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ 26 හැවිරිදි මෙම පුද්ගලයා කහටගස්දිගිලිය, තල්අත්තෑව ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.