Thursday, April 18, 2024

General line - 0115112241

ගංගාවක් ජීවි වස්තුවක් කරමින් පනතක් සම්මත වෙයි




නවසීලන්තයේ වගනුයි ගංගාවට ලොව පළමු වරට නෛතික අයිතිවාසිකම් හිමිව තිබෙනවා.

ඒ, නවසීලන්ත පාර්ලිමේන්තුව වගනුයි ගංගාව ජීවි වස්තුවක් ලෙස පිළිගනිමින් පනතක් සම්මත කිරීම හේතුවෙන්.

දීර්ඝ කාලයක් පුරා නවසීලන්ත මා ඕරිවරුන්ගේ ඉල්ලීමක් සලකා බලමින් මෙම පනත සම්මත කරනු ලැබුවා.

වසර සිය ගණනක් පුරා මා ඕරිවරුන් මේ සඳහා සටන්කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ගංගාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන සියයකට අධික මුදලක් වෙන් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.