Saturday, April 27, 2024

General line - 0115112241

අධිකරණයක් ට්‍රම්ප්ට යළිත් එරෙහි වෙයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නව සංක‍්‍රමණික නීතිය අත්හිටුවමින් එරට අධිකරණයක් මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හවායිහි ෆෙඩරල් අධිකරණය මගින් එම අත්හිටුවීමේ නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් 6 ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුල්වීම දින 90 කට තහනම් කරමින් සහ සරණාගතයන්ට දින 120 ක කාලයක් අමෙරිකාවට ඇතුල්වීම තහනම් කිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත්දා තීරණය කළා.

මෙම තහනම කි‍්‍රයාත්මකවීමට නියමිතව තිබුණේ අද (16) මධ්‍යම රාති‍්‍රයේ සිටයි.

මීට පෙරද ට‍්‍රම්ප් පැනවූ සංක‍්‍රමණික තහනමක් අත්හිටුවමින් එරට අධිකරණයක් නියෝගයක් නිකුත් කර තිබුණා.