Monday, April 29, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කුසල් එළියට




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබෙනවා.

ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ දී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙන්.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා 'නෙත් ස්පෝට්ස්මන්' වෙත පැවසුවේ ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා මෙතෙක් තීරණය කර නොමැති බවයි.

ඊයේ තරගයේ දී කුසල් ජනිත් ලකුණු 64 ක් ද රැස් කිරීමට සමත් වුණා.

කෙසේවෙතත් කුසල් ජනිත් වෙනුවට මිලින්ද සිරිවර්ධන ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

බංග්ලාදේශ - ශ‍්‍රී ලංකා පළමු එක්දින තරගය ලබන සෙනසුරාදා රංගිරි දඹුළු අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.