බියගම, නව නුවර ප‍්‍රධාන මාර්ගයේ වඩුවේගම ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මවක සහ පුත‍්‍රයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් යතුරුපැදිකරු හා එහි ගමන් කළ ඔහුගේ බිරිඳ සහ පුත‍්‍රයා තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු බිරිඳ සහ පුත‍්‍රයා ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් සහ අවුරුද්දක් පමණ වයසැති ඇගේ පුත‍්‍රයායි. තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බියගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.