Tuesday, September 17, 2024

General line - 0115112241

සුද්දන්ට අමතක නොවෙන්න දුන් පාකිස්ථානුවන්ගේ අමුතුම ජය සැමරුම මෙන්න (VIDEO)



සංචාරක පකිස්ථානු කණ්ඩයම හා එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති පළමු ටෙස්ට් තරඟය ඊයේ අවසන් වූයේ පකිස්ථානු කණ්ඩායමට ලකුණු 75ක ජය අත්කර දෙමින්.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩාකළ පකිස්ථානු කණ්ඩායම ලකුණු 339ක් ලබාගත් අතර එංගලන්ත පිලට සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 272ක් පමණයි.අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩාකළ පකිස්ථානු කණ්ඩායම ලකුණු 215 ලබාගත් අතර ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 207ක් පමණයි.

පළමු ඉනිමේ කඩුලු 06ක්ද දෙවැනි ඉනිමේ කඩුලු 04ක්ද දවාගත් පාකිස්ථානයේ යසීර් ෂාහ් තරඟයේ වීරයා සම්මානය හිමිකර ගත්තේ ටෙස්ට් තරඟයකදී ලෝඩ්ස් පිටියේ කඩුලු 10ක් ලබාගත් ප්‍රථම ආසියානු ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක්ද බිහිකරමින්.

කෙසේ වෙතත් තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පකිස්ථානු කණ්ඩායම එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.

පළමු ඉනිමේ ශතකයක් රැස්කළ මිස්බා උල් හක්ද මේ අයුරින්ම සිය ශතකය සැමරූ අතර පසුව ඔහු මාධ්‍යට පවසා තිබුණේ ඔවුන් එංගලන්තට පැමිණිමට පෙර පකිස්ථානයේ යුධ හමුදා කඳවුරක කාලය ගතකළ බවත් ඔවුන්ට වූ පොරොන්දුවක් මත මෙසේ එය සැමරූ බවත්ය.

පකිස්ථානු කණ්ඩායම ජය සැමරූ මොහොතේ වීඩියෝව පහතින් නරඹන්න.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.