Saturday, May 4, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනම් වීමේ අවදානමක




ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිළවරණය පිළිගත නොහැකි බවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කිරීමත් සමග එක් එක් පාර්ශව විවිධ මත පළකරනවා. 

ඉකුත්දා පැවති ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිළවරණයෙන් ජය ගත්තේ නිශාන්ත ජයසිංහයි. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව වාර්ෂික මහ සභාවට ඉදිරිපත් කෙරුණු ගිණුම් වාර්තා නිසා එය පිළිගත නොහැකි බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. 

කෙසේ වෙතත් මෙම නිලවරණය මෙහෙයවා ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව විසින්. නිළවරණය ක‍්‍රිඩා අමාත්‍යවරයා විසින් පිළි නොගන්නේ නම් ඉකුත් වසරවල පැවති නිළවරණ ද පිළිගත නොහැකි බවයි ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ නිශාන්ත ජයසිංහ නෙත් නිව්ස් වෙත පැවසුවේ.

 

බැඩ්මින්ටන් නිළවරණයේ ගැටළුව පිළිබද නෙත් ස්පෝට්ර්ස් මන් ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන පරාක‍්‍රම බස්නායකගෙන් ද විමසීමක් කළා. 

ඔහු පැවසුවේ රටේ නීතියට අනූව නිලවරණය පැවැත්විය යුතු බවයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය අත්හිටවූ සංගමයක් ලෙස සලකා එහි පාලනය නිසි බලධාරියෙකු යටතට පවරණ බවයි. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ වත්මන් සභාපති නිශාන්ත ජයසිංහ පැවසුවේ අධිකරණ කි‍්‍රයාමාර්ගයකට යාමට පෙර මෙම ගැටලූව විසදා ගැනීමට තමන් උත්සහ දරන බවයි.