Wednesday, May 1, 2024

General line - 0115112241

ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින ප‍්‍රකාශ කරයි




ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ආසියානු මලල කී‍්‍රඩා සංගමය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. 

එ් අනුව ලබන ජූලි මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා ඉන්දියාවේ ඔඞීසා ප‍්‍රාන්තයේ දී තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

එ් සඳහා සිය ප‍්‍රාන්තය සූදානම් බව ඔඞීසා ප‍්‍රාන්තය ආසියානු මලල කී‍්‍රඩා සංගමයට දැනුම් දී තිබෙනවා. 

මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව  තිබුණේ ඉන්දියාවේ රංචිහිදියි. එහෙත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීම රංචි ප‍්‍රාන්ත බලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔඞීසා ප‍්‍රාන්තය ඊට සිය කැමැත්ත පළ කළා. 

22 වැනි වරට පැවැත්වෙන මෙවර ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා රටවල් 45ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අටසියයකට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි. 

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ද මේ වනවිට පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.