Saturday, May 4, 2024

General line - 0115112241

ඇෆ්ගන් පිති ප‍්‍රහාරයෙන් ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවතට




බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. 

එ්, මූලික වටයේ සහභාගි වූණු තරග 3න් තරග දෙකක් ජය ගනිමින්. 

මූලික වටයේ දී ඇෆ්ගනිස්ථානය සහ මැලේසියාව පරාජය කළ ශී‍්‍ර ලංකාව, ඉන්දියාව හමුවේ පරාජය වුණා. 

මෙම තරග තුනේදීම යොවුන් කි‍්‍රඩක චරිත් අසලංක කැපී පෙනන දක්ෂතා දැක්වීම විශේෂත්වයක්. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවන චරිත් අසලංක ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශතකයක් වාර්තා කළ අතර මැල්සියාවට සහ ඉන්දියාවට එරෙහිව අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර ඉන්දීය කණ්ඩායමට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සදහා ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබා ගැනීම ද විශේෂත්වයක්. 

ඊයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 242ක් රැස් කළා. 

ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩකයින් එම ඉලක්කය, පන්දුවාර 46 යි පන්දු 3කදී කඩුලූ 8ක් පමණක් දැවී පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා. 

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට පැවැත්වීමට නියමිතයි. 

එහිදී ශී‍්‍ර ලකාව බංග්ලාදේශය සමගින් තරග වදින අතර ඇෆ්ගනිස්ථානය පාකිස්තානය සමගින් තරග  වදිනවා.