Friday, May 3, 2024

General line - 0115112241

අවසන් බලාපොරොත්තුවත් සමග ශ‍්‍රී ලංකාව එස්.එස්.සී පිටියේදී බංග්ලාදේශය හමුවෙයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද ආරම්භ වනවා. 

දිවා තරගයක් ලෙස මෙම තරගය කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදීයි උදෑසන 9 යි 30ට ආරම්භ වීමට නියමිතයි. 

අවසන් තරගයට ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයට ක‍්‍රීඩා කරන බවයි කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ සදහන් කළේ. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජිලෝ මැතිව්ස්ගේ ආබාධය සුව නොවීම හේතුවෙන් ඔහු අද තරගයට ද සහභාගි නොවන බව අසංක ගුරුසිංහ වැඩිදුරටත් සදහන් කළා. 

මෙම තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජය ගත් අතර දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.  

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ මෙම තරගය ජය ගෙන ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියකට ජයග‍්‍රහණය අත් කර ගැනීම සිය කණ්ඩායමේ අපේක්ෂාව වන බවයි.