Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ සිහින බිඳ දමයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 70 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා පිළ ඊයේ (01) සමත් වුණා.

එස්.එස්.සී. ක‍්‍රීඩා පිටියේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව කඩුලු නවයකට ලකුණු 280 ක් රැස් කළා.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් සහ තිසර පෙරේරා වේගවත් ලකුණු 52 ක් රැස් කළා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 03 ක දී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 210 ක් පමණයි.

ශකීබ් අල් හසන් ලකුණු 54 ක් රැස් කළ අතර මෙහිදි හසන් සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 51ක් රැස් කළා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර ලකුණු 37 කට කඩුලු 4 ක් බිඳ හෙළුවා. 

දෙරට අතර පැවති පළමු තරගය බංග්ලාදේශය ජයගත් අතර දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගය ජය ගැනීමත් සමග එකට එකක් ලෙස තරගාවලිය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවරයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයගත් මෙම තරගය සැලකෙන්නේ එක්දින තරග 08කට පසු ලැබූ පළමු ජයග‍්‍රහණය ලෙසයි. තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමි වුණා. තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් දිනා ගත්තා. දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.