Sunday, April 28, 2024

General line - 0115112241

නිමාලි සහ මංජුල පිලිපීනයේදී ශ්‍රී ලංකාවට රන් ගෙනෙයි (PHOTOS)




පිලිපීන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. 

ඉන් රන් පදක්කම් දෙකකටම හිමිකම් කීවේ නිමාලි ලියනාරච්චියි. 

ඇය මීටර් 400 සහ 800 කාන්තා ධාවන ඉසව් ජය ගනිමින් ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනා දුන්නා. 

නිමාලි ලියනාරච්චි මීටර් 400 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තේ තත්පර 55 යි දශම දෙකයි එකක දක්ෂතාවක් වාර්තා කරමින්.

ඇය විනාඩි දෙකයි තත්පර අටයි දශම එකයි දෙකක දක්ෂතාවක් වාර්තා කරමින් මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තා. 

ශ්‍රී ලංකාවට අනෙක් රන් පදක්කම දිනා දුන්නේ උස පැනීම ශූර මංජුල කුමාරයි. 

ඔහු එහිදී මීටර් දෙකයි දශම එකයි 3ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුණා.​