Sunday, April 28, 2024

General line - 0115112241

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වෙයි




බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. 

එ් අවසන් පූූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුලූ 8කින් පරාජය කරමින්. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 179කට සීමා කිිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. 

අසිත ප‍්‍රනාන්දු ලකුණු 32කට කඩුලූ 4ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා. 

ලකුණු 180ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයෝ පන්දුවාර 38 යි පන්දු 5ක් අවසානයේ කඩුලූ 2ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසු කර ගියා. 

සදීර සමරවීරක‍්‍රම නොදැවී ලකුණු 88 යි. චරිත් අසලංක නොදැවී ලකුණු 83ක් රැස් කළා. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා  බවටද පත්ව සිටින චරිත් අසලංක මෙම තරගාවලියේ වාර්තා කළ 3 වන අර්ධ ශතකයද මෙයයි. 

බංග්ලාදේශයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර චිතගොංග්හිදි හෙට පැවැත්වීමට නියමිතයි.