Sunday, April 28, 2024

General line - 0115112241

චන්දිමාල් සහ කුසල් විස්සයි විස්සෙන් විසිවෙයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. 

එහි නායකයා ලෙස නම් කර ඇත්තේ උපුල් තරංගයි. ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ ශෙහාන් ජයසූරිය ද විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා. 

ආබාධ හේතුවෙන් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියට සහභාගි වන්නේ නැහැ. 

ශාරීරික යෝග්‍යතාව අනූව කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියට එක්වීම තීරණයවනු ඇති බවයි ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. 

ඔහු සහභාගි නොවන්නේ නම් ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි විස්සයි විස්ස සංචිතයට කැඳවීමට නියමිතයි. 

ඔස්ටේ‍්‍රලියාව සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට එක්වූ කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ සචිත් පතිරණට මෙවර තරගාවලියේදී සිය ස්ථාන අහිමිවී තිබෙනවා. 

ශ‍්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වීමට නියමිතයි.