Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිළට ලකුණු 156 ක ඉලක්කයක් (UPDATE)




ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 155 ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළට හිමිව ඇති ඉලක්කය ලකුණු 156 ක්.

--------------------------------------

දෙපිළම උණුසුම් කරමින් තරගය ඇරඹෙයි

(04-04-2017 20:04)

 

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය දැන් පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් යළි තරගය ආරම්භ වූයේ තරගයේ පන්දුවාර සංඛ්‍යාවේ කිසිදු වෙනසකින් තොරවයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශය පන්දුවාර තුනක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් රැස් කරගෙන සිටිනවා. 

--------------------------------

ශ්‍රී ලංකා - බංග්ලාදේශ සටනට බාධා 

(04-04-2017 19:10)

 

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද කර තිබෙනවා.

කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා, ලසිත් මාලිංග හා විකුම් සංජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

මේ අතර තමන් ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බව බංග්ලාදේශ නායක මෂ්රෆේ මොටාසා තරග ආරම්භයට පෙර ප‍්‍රකාශ කළා. 
 

-----------------------------------------

අද තරගයේ ටිකට් වැඩි මිලට ජයටම විකිණෙයි 

(04-04-2017 18:25)

 

බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (04) පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර මේ වන විට වැඩි මිලට අළෙවි කෙරෙමින් ඇති බව නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වනවා. 

ක‍්‍රීඩාංගණය ඉදිරිපිට සිටින ඇතැම් පිරිස් මෙම ප‍්‍රවේශ පත‍්‍ර වැඩි මිලට අළෙවි කරමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

ප‍්‍රවේශ පත‍්‍රයේ සටහන් මිලට වඩා වැඩි මිලකින් මේවා අළෙවි කෙරෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ කිසිඳු ප‍්‍රවේශ පත‍්‍රයක් ක‍්‍රීඩාංගණයේ ප‍්‍රවේශ පත‍්‍ර කවුළුවලින් අළෙවි නොකෙරෙන බවයි.  

මෙම තරගය රාතී‍්‍ර 07.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.