Wednesday, May 1, 2024

General line - 0115112241

විදෙස් නෞකාව තාමත් ගිනිි ගනියි - නාවික හමුදා මෙහෙයුමට යාත‍්‍රා 12ක් (PHOTOS) - (UPDATE)




පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. 

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පැවසුවේ මේ වනවිට ගින්න පැතිරීම පාලනය කර ඇති බවයි. 

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කිසිදු හානියක් නොමැති බවයි ඔහු කියා සිටියේ. 

සිංගප්පූරුවේ සිට ඊජිප්තුව බලා යාත‍්‍රා කරමින් තිබූ මෙම නෞකාව ගිනි ගැනීමකට ලක් වූයේ කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේයි. 

පසුව ගින්න සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව ගින්න මැඩ පැවැත්වීම සඳහා වේග ප‍්‍රහාරයක යාත‍්‍රා දෙකක් පිටත් කළා. 

ඒ කොළඹ වරාය සතු රාවනා සහ මහවැව යන ටග් යාත‍්‍රාවන් ද සමගයි. 

මේ වනවිට නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීම ඇතුළු මෙහෙයුම් කටයුතු සඳහා නාවික යාත‍්‍රා 12ක් එක්ව සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පැවසුවේ. 

ඊට ඉන්දීය නාවික හමුදාවට අයත් සූර් නෞකාව ද එක්ව සිටිනවා. 

මීට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් දර්ශා සහ ගැරියර් නෞකා ද ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගර නෞකාව ද මෙහෙයුම් සඳහා එක්ව සිටින නෞකා අතරට අයත්. 

මීට අමතරව ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ද ලබා දී තිබෙනවා. 

ගින්න හට ගන්නා අවස්ථාවේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු ගමන් කළා. 

ගින්නෙන් නෞකාවට සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නැහැ.

ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි - නාවික හමුදාව ගින්න නිවයි (05-04-2017 07:33)

----------------------------------------------------------------------------------------------------------------

පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබෙනවා. 

ඒ කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදීයි. 

පසුව ගින්න සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කෙරුණ. 

කඩිනමින් ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීම සඳහා වේග ප‍්‍රහාරයක යාත‍්‍රා දෙකක් පිටත් කළා. 

ඒ සඳහා කොළඹ වරාය සතු රාවනා සහ මහවැව යන ටග් යාත‍්‍රාවන් ද එක් වුණා. 

ටග් යාත‍්‍රාවන් කටයුතු කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහායි. 

වේග ප‍්‍රහාරක යාත‍්‍රා නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීමට කටයුතු කළා. 

පසුව ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භ වුණා. 

වේග ප‍්‍රහාරක යාත‍්‍රා දෙක තවදුරටත් එම මුහුදු සීමාවේ රඳවා තබා නෞකාවේ කාර්ය මණ්ඩලයට සහය දක්වන බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.