Wednesday, May 1, 2024

General line - 0115112241

සල්ලි හෙල්ලෙන අයි පී එල් තරගාවලිය අද ඇරඹේ




ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීකට් තරගාවලියේ 2017 තරගාවලිය අද (05) ආරම්භ වනවා. 

මෙය දසවන අයි.පී.එල්. තරගාවලියයි. මේ සඳහා එක්වන රටවල් සංඛ්‍යාව 08ක්. 

එක් රටක් මූලික වටයේදී තරග 14කට සහභාගි වනවා. 

තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන්නේ ගියවර අයි.පී.එල් ශූරයින් වූ සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම්. 

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට ක‍්‍රීඩකයින් තිදෙනෙකු එක්වනවා. 

මෙවර වැඩිම මුදලකට වෙන්දේසි වූ ක‍්‍රීඩකයින් අතර සිටින ඇන්ජිලෝ මැතිව්ස් දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරනවා. 

ලසිත් මාලිංග හා අසේල ගුණරත්න නියෝජනය කරන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. 

ලෝකයේ වැඩිම මුදලක් සංසරණයවන තරගාවලියක් ලෙස සැලකෙන අයි.පී.එල් තරගාවලිය මැයි 21 වැනිදා අවසන් වෙනවා.