Sunday, September 8, 2024

General line - 0115112241

බංග්ලාදේශය පැරදවූ ශ්‍රී ලංකා පිළට දඩ




අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබාගැනීම හේතුවෙන්.

ඒ අනුව නායක උපුල් තරංගට තරග මුදලින් සියයට 20 ක දඩ මුදලක් නියම කිරීමටයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.

දෙරට අතර අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (06) පැවැත්වීමට නියමිතයි.