Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට හුරේ දැම්ම සයිටම් විරෝධී සිසුන් නිසා අපේ පස්ස බිම ඇනිලා - ක්‍රිකට් ආයතනය කියයි




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සයිටම් විරෝධී සරසවි සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

ඉන් පෙන්වා දෙන්නේ රට තුළ තිබෙන ප‍්‍රශ්න කි‍්‍රඩාංගණය තුළට රැගෙන නොඑන ලෙසයි.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉකුත්දා පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී ප්‍රේක්ෂකාගාරය තුළ සරසවි සිසුන් පිරිසක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වුවා.

ඒ, විවිධ වැකි සඳහන් පුවරුද කී‍්‍රඩාංගණය තුළ ප‍්‍රදර්ශනය කරමින්. ජාත්‍යන්තර තරගයක ඔවුන් කළ එම කි‍්‍රයාව තරයේ හෙළා දකින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මෙම කි‍්‍රයාව නිසා ශී‍්‍ර ලංකා නාමයට කැළලක් එක් වූ බවද ඔහු සඳහන් කළා. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ අද (06) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේදීද සයිටම් විරෝධි සිසුන් විරෝධතාවක නිරතවීමේ සූදානමක් පවතිනවා. ඒ පිළිබදව කී‍්‍රඩාංගණයේ ආරක්‍ෂක අංශ දැනුවත් කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අර්ජුන රණතුංගද මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මම මේ සිද්ධිය දැක්කේ නැහැ. එහෙත් ආරංචි වුණා. ලොකු කණගාටුවක් ඇති වෙනවා මේ සිද්ධිය ගැන. අපිත් දන්නවා සයිටම් ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා.. ඒක රට ඇතුළේ විසඳගන්න ඕන දෙයක්. මෙවැනි දේවලට උසි ගන්වන පුද්ගලයින්ට මුලින් දඬුවම් කරන්න ඕනේ." යනුවෙනි. 
 

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)