පාකිස්තානයෙන් බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මිස්බා උල්හක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔහුගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයි.
මිස්බා උල්හක් යනු පාකිස්තානයෙන් බිහි වූ වඩාත් සාර්ථකම ටෙස්ට් නායකයා ලෙසයි සැලකෙන්නේ.
ඔහු 2015 වසරේ ලෝක කුසලානයෙන් පසු එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.