Tuesday, May 21, 2024

General line - 0115112241

ලෙජන්ඩ්ස්ලාටත් බැරිවුණ දෙයක් කරමින් කොදෙව් නවකයෝ ක්‍රිකට් පොත අලුත් කරයි (VIDEO)




සංචාරක පාකිස්ථානු කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක‍්‍රිකට් තරගය කඩුළු 04කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.

 ගුයානාහිදි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 308ක් රැස් කළා. 

කොදෙව් කණ්ඩායම පන්දුවාර 49ක් තුළ කඩුළු 06ක් පමණ්ක් දැවි එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජය වාර්තා කිරිමට සමත් වුණා. 

කොදෙව් කණ්ඩායමක් 300 ඉහළ ඉලක්කයක් හඹාගොස් ජයගත් පළමු අවස්ථාවද මෙයයි

කොදෙව් කණ්ඩායම ජයග‍්‍රාහණය කරා රැගෙන ගිය ජේසන් මොහොමඞ් පන්දු 58කදි නොදැවී ලකුණු 91ක් රැස් කළා. 

තරග 03කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.