Friday, October 25, 2024

General line - 0115112241

සියලූ බෝම්බවල මව 90 දෙනෙකුට මරු කැඳවයි




අමෙරිකානු හමුදාවන් විසින් ඉකුත් දා ඇෆ්ගනිස්තානයට හෙළන ලද අධිබල බෝම්බයෙන් මිය ගිය සංඛ්‍යාව 90ක් බව තහවුරු කර තිබෙනවා.

මීට පෙර ප‍්‍රකාශ කෙරුණේ මිය ගිය සංඛ්‍යාව 36 දෙනෙකු බවයි. මෙලෙස මිය ගිය සියලු දෙනා අයි එස් ත‍්‍රස්තවාදීන් බව ඇෆ්ගනිස්ථානය පැවසුවා.

කෙසේ වෙතත් අයි එස් සංවිධානය පවසන්නේ තමන්ට කිසිඳු හානියක් සිදු නොවූ බවයි. 

‘‘සියලූ බෝම්බවල මව ’’ ලෙස අමෙරිකාව මෙම අධිබල බෝම්බය හදුන්වා දී තිබෙනවා. අයි එස් ත‍්‍රස්තවාදීන් විසින් භාවිත කෙරෙන භූගත උමං ජාලයක් ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බය හෙළන ලද බවයි අමෙරිකාව කියා සිටියේ.

උපාය මාර්ගික අවශ්‍යතා මත අදාළ මෙහෙයුම සිදු කළ බව ඇෆ්ගනිස්ථානයේ අමෙරිකානු හමුදා අණ දෙන නිලධාරී ජෙනරල් ජෝන් නිකොල්සන් පැවසුවා.