Saturday, May 4, 2024

General line - 0115112241

පංජාබ් සහ හයිද්‍රාබාද් කණ්ඩායම් අවාසනාවන්ත වෙයි




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගවලින් ජයග‍්‍රහණ ලැබීමට දිල්ලි ඩෙයා ඩෙවිල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් සමත් වුණා.

දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම හමුවේ පරාජය වූයේ කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු 06ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් පංජාබ් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 09ක් දැවී ලකුණු 137ක් පමණයි. 

ඊයේ පැවති අනෙක් තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ සයින්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු 06ක් දැවී ලකුණු 172යි. හයිද්‍රාබාද් කණ්ඩායමේ පිළිතුරු ඉණිම කඩුලු 06ක් දැවී ලකුණු 155 කට සීමා වුණා.