Wednesday, February 5, 2025

General line - 0115112241

නටාෂා පුටුවෙන් යයි




ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇය පෞද්ගලික හේතුවක් මත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

පුරප්පාඩු වූ  එම ධුරය සඳහා නීතීඥ මරිනි ද ලිවේරා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

ඇය ශ‍්‍රී ලංකා යුද හමුදාවට සහ පොලිසියේ නිලධාරීන්ට මානව හිමිකම් පුහුණුකරන්නියක වශයෙන් ද කටයුතුකර ඇති බවයි ජාතික ළමා රක්ෂක අධිකාරිය පැවසුවේ.