Monday, December 23, 2024

General line - 0115112241

ජේතවන දාගැබට අපහාස කළ ඡායාරූපයක් ෆේස්බුක් කළඹයි - වැරදිකරුවන් අල්ලන්න හෙල උරුමය ඉල්ලයි




ඓතිහාසික ජේතවන දාගැබට අවමානයක් වන පරිදි සමාජජාල වෙබ් අඩවි වෙත එක්කර ඇති ඡායාරූපයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

එම පැමිණිල්ල මගින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනුයේ මුවිඳු බිනෝයි නම් අයෙකු සහ නිළියක වන සමනලී ෆොන්සේකා මෙම ඡායාරූපය අන්තර්ජාලයේ (මුහුණු පොතේ) දැක්වෙන පරිදි  ප්‍රචාරණයට අනුග්‍රහය දක්වා ඇති බවයි. 

මෙය බෞද්ධයන්ගේ සිත් වේදනාවට පත් කරන, බුදු සසුනට නිගාදෙන, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට අපහාස කරන ලද ඡායාරූපයක් බව පෙන්වා දෙන උන් වහන්සේ, බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක්  බවද පවසයි