Sunday, September 22, 2024

General line - 0115112241

එස් එෆ් ලොක්කා යළි අත්අඩංගුවට




කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර සිටි එස් එෆ් ලොක්කා හෙවත් එරෝන් රණසිංහ යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ජීව අත්බෝම්බයක් ළග තබා ගැනීමේ චෝදනාව යටතේයි. 

වාහනයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද එරෝන් රණසිංහට චෝදනා එල්ල වනවා. 

මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.