Tuesday, September 17, 2024

General line - 0115112241

කටුනායකට නිවාඩුවක්! මත්තලට කල්ල මරේ!



කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ධාවන පථය ලබන වසරේ ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්‌වා මාස තුනක කාලයක්‌ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා වසා තැබෙනබව වාර්තා වනවා. ඒ පෙරවරු 8.30 සිට පස්‌වරු 4.30 දක්‌වා කාලය තුළයි.

විකල්පයක්‌ ලෙස මත්තල ගුවන්තොටුපළ මේ කාලය තුළ යොදාගන්නා ලෙස අදාළ ගුවන් සේවාවලට දැනුම් දී ඇතැයි සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවා සමයේ වසා තැබුණද රාත්‍රි කාලයේදී කටුනායක ගුවන්තොටුපළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනවා.