Sunday, November 24, 2024

General line - 0115112241

කාෂ්මීරයේ සමාජ ජාල 22 ක් තහනම් කරයි




ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර ප‍්‍රාන්තය තුළ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල 22 ක් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ට්විටර්, වට්ස්ඇප්, යූ ටියුබ් හා ස්කයිප් යන ලෝව ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල ඒ අතරට අයත්.

මෙම තහනමට හේතු වී ඇත්තේ ප‍්‍රාන්තය තුළ හට ගෙන ඇති ගැටුම්කාරී තත්ත්වයයි.

ඊට සමාජ මාධ්‍යයන්ගේ ලැබෙන රුකුල වැඩි බවයි හඳුනාගෙන ඇත්තේ. ගැටුම්වලට පෙළඹවීමක් ඇති වන අයුරින් නිර්මාණය කළ වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කර තිබුණා.

හට ගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව නවයක්. නොසන්සුන් පිරිසක් හා පොලිසිය අතර ඉකුත් 09 වැනි දා දරුණු ගැටුමක් ද හට ගත්තා. මෙම සියළු කරුණු පදනම් කර ගනිමිනුයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල මසකට තහනම්කර ඇත්තේ.