Tuesday, September 17, 2024

General line - 0115112241

ශ්‍රීලන්කන් අලුතින් ගත් සේවකයින් තිදෙනාට පඩි ගෙවන්න අවුරුද්දට කෝටි 14ක්!



වර්තමාන පාලනය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ඉහළම තනතුරු සඳහා තිදෙනකු බඳවා ගෙන ඇති අතර ඔවුන් තිදෙනාගේ වැටුප් හා දීමනා සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියනයක්‌ (රුපියල් මිලියන 147) පමණ ගුවන් සේවයට වැයවෙතැයි වාර්තා වනවා.

ගුවන් සේවය පාඩු ලබමින් තිබියදී මෙවන් ඉහළ වැටුප් වලට බඳවා ගැනීම් බරපතළ තත්ත්වයක් බවයි සේවකයින් පවසන්නේ. මීට අමතරව කිසිදු අවශ්‍යතාවක්‌ නොමැතිව ඉහළ වැටුප් වලට තවත් සේවකයින් විශාල පිරිසක්‌ පසුගිය දිනවල බඳවා ගෙන ඇතැයිද වාර්තා වනවා.