Sunday, April 28, 2024

General line - 0115112241

ශාරුක් ඛාන්ගේ කොල්කටා කණ්ඩායම අයි පී එල් සටහනේ පෙරමුණට




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වී සිටිනවා. 

ඒ, ඊයේ පැවති තරගයෙන්ද විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමත් සමඟයි. 

ඔවුන් අතින් පරාජයට පත්වූයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමයි. 

මේ දක්වා කොල්කටා කණ්ඩායම සහභාගී වී ඇති තරග නවයෙන් හතක්ම ජයගෙන තිබෙනවා. 

ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා කණ්ඩායම ලබාගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 14ක්. 

මහේල ජයවර්ධනගේ ප‍්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.